මෙක්සිකෝවට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
Related Articles
මෙක්සිකෝවට ඇතුළුවීමේ දී හිලරි සුළි කුණාටුවේ ප්‍රබලත්වය අවම විය හැකි වුවද ජීවිත හානි සිදුවිය හැකි බවට ඇමෙරිකා කාලගුණ අංශ අනතුරු අඟවනවා.
ඊයේ දිනයේ දී 4වන කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස හිලරි සුළි කුණාටුව නම්කර තිබුණා.
කෙසේ වුවද අද දිනයේ දී එය දෙවන කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා පහත දැමීමටයි පියවර ගෙන ඇත්තේ.
පැයට කිලෝමීටර් 175ක පමණ ප්‍රබලත්වයෙන් යුතුව එම සුළි කුණාටුව මෙක්සිකෝවට ඇතුළුවනු ඇති බවටයි ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.
දකුණු කැලිෆෝනියා ප්‍රාන්තයට හිලරි සුළි කුණාටුව ඇතුළුවන විට එහි ප්‍රබලත්වය තවදුරටත් අවම වනු ඇති බව එම මධ්‍යස්ථානය පවසනවා.
වසර 80කට පමණ පසුව එම ප්‍රාන්තයට බලපාන ප්‍රථම නිවර්තන සුළි කුණාටුව මෙය පවයි වාර්තා වන්නේ.