ලෝක ඡායාරූප දිනය වෙනුවෙන් මහරගම අපේක්ෂා රෝහලට ඖෂධ පරිත්‍යාගයක්
Related Articles
ලෝක ඡායාරූප දිනය වෙනුවෙන් මහරගම අපේක්ෂා රෝහලට මිල අධික ඖෂධ තොගයක් පරිත්‍යාග කෙරුණා.
කොළඹ දිස්ත්‍රික් වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමය මගිනුයි මෙම ඖෂධ තොගය පරිත්‍යාග කර තිබෙන්නේ. මිල අධික ඖෂධ ද ඊට ඇතුලත්. පරිත්‍යාග කළ ඖෂධ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10කට අධිකයි.
කොළඹ දිස්ත්‍රික් වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා හා ලේකම්වරයා අදාළ ඖෂධ තොගය අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතාට භාරදුන්නා.