දිවයිනට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් ගොවිබිම් රැසක කටයුතු අඩාල වී තිබෙනවා.
වලස්මුල්ල , කිරම , කැකිරිම්බඩ ජලාශය වියළි කාලගුණය හේතුවෙන් සීදිගොස් තිබෙනවා.
කැකිරිම්බඩ ජලාශය අක්කර අඩි 2200ක ප්රමාණයක ධාරිතාවකින් යුක්තයි.
මෙම ජලාශය සීදියාම හේතුවෙන් වලස්මුල්ල , බෙලිඅත්ත , දංමුල්ල ආදී ප්රදේශවල කුඹුරු වගා කරන ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්ව තිබෙනවා.
එම ප්රදේශවල පානීය ජල ගැටලුවක් ද මේ වන විට උද්ගතව ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වුව ද වලස්මුල්ල , කිරම හා කටුවන යන ප්රදේශවලට සුළු වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
එමෙන්ම අගුණුකොළපෑලැස්ස මුරවැසිහේන ප්රදේශයේ කුඹුරු සඳහා මේ වන විට ජලය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
එහෙත් මේ වන විටත් කුඹුරු අක්කර 6000කට අධික ප්රමාණයක් විනාශ වී තිබෙනවා.
බලංගොඩ හා වැලිගේපොළ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උඩගන්ගොඩ, හදගිරිගොඩ , හදගිරිය ,බෙලිමල්ලියැද්ද අවට ග්රාම සේවා වසම් කිහිපයක ජනතාව පවතින නියං තත්ත්වය හේතුවෙන් දැඩි දුෂ්කරතාවට පත්ව තිබෙනවා.
ගොවිතැන් කිරීමට මෙන්ම බීමට ජලය සපයා ගැනීම අපහසු කාර්යක් වී ඇති බවයි එම ජනතාව පෙන්වා දෙන්නේ.
වියළි කාලගුණය හේතුවෙන් කුඹුරු අක්කර 250ක් පමණ විනාශ වීමේ අවධානමක් මේ වන විට මතුව තිබෙනවා.
දිස්ත්රික්ක බොහෝමයකට දැඩි නියං තත්ත්වයෙන් බලපෑමක් ඇති වුවත් පොලොන්නරුව දිස්ත්රික්කයට එවැනි තත්ත්වයක් ඇති නොවුයේ නිසි පරිදි ජලය කළමනාකරණය කිරිමේ වැඩපිළිවෙල නිසා බව පොලොන්නරුව දිස්ත්රික් ලේකම්වරයා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/QLcb1x8e9tI”]