fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අග්බෝ ඇතාට අඛණ්ඩව ප්‍රතිකාර කළ යුතුයි – පශු වෛද්‍ය චන්දන ජයසිංහ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2023 12:17

අග්බෝ ඇතාට අඛණ්ඩව ප්‍රතිකාර කළ යුතුයි – පශු වෛද්‍ය චන්දන ජයසිංහ

අග්බෝ හස්ථියාගේ අවදානම් තත්ත්වය මගහැරවීමට අඛණ්ඩව ප්‍රතිකාර කළ යුතු බව පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පවසනවා.

අග්බෝ හස්ථියාගේ වම් පාදයේ හටගෙන ඇති දරුණු තුවාලයක් හේතුවෙන් එම සත්වයාට ප්‍රතිකාර කිරීම පසුගිය ජුනි 12 වනදා සිට ආරම්භ කිරීමට අනුරාධපුර කලාපය භාර වනජීවී පශු වෛද්‍ය චන්දය ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායම පියවර ගත්තා.

අවස්ථා කීපයකදීම විශේෂ පශු වෛද්‍ය කණ්ඩායම් කීපයක් ඊට එක්වුණා.

අග්බෝ හස්ථියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සමාලෝචනයක් සිදුකිරීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුවේ වනජීවී අධ්‍යක්ෂ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතාගේ ප්‍රධානත්වයෙන් වනජීවී පශු වෛද්‍ය කණ්ඩායමක් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරුන් පිරිසක් ද එක්ව සිටියා.

පැය 5කට ආසන්න මෙහෙයුමක් සිදුකර හස්ථියාට ප්‍රතිකාර සිදුකිරීමට වෛද්‍ය කණ්ඩායම කටයුතු කළ අතර තුවාලය සහිත පාදයේ එක්ස්රේ සහ ස්කෑන් පරීක්ෂාවක් ද සිදුකළා.

හස්ථියාගේ වම් පාදයේ තිබූ ඉදිමුම් තත්ත්වය අඩුවී ඇති බව අනුරාධ පුර වනජීවී කලාප භාර පශු වෛද්‍ය චන්දය ජයසිංහ මහතා පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2023 12:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්