fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනාරක්ෂිත වළකට වැටී පාසල් සිසුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය පිළිබඳ ආණ්ඩුකාරවරිය වාර්තාවක් ඉල්ලයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2023 12:11

අනාරක්ෂිත වළකට වැටී පාසල් සිසුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය පිළිබඳ ආණ්ඩුකාරවරිය වාර්තාවක් ඉල්ලයි

ක්‍රීඩා තරගයකට සහභාගි වී සිටියදී අනාරක්ෂිත වළකට වැටී පාසල් සිසුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරවරිය පළාත් අධ්‍යාපන නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

වවුනියාව පම්පමඩුව විශ්වවිද්‍යාල ක්‍රීඩා භූමියේ ඊයේ පැවති එල්ලේ තරගාවලියකට සහභාගී වීම සඳහා ගොස් සිටි සිසුන් දෙදෙනෙකු අනාරක්ෂිත වලකට වැටී මිය ගොස් තිබුණා.

මෙසේ මිය ගියේ වවුනියාව මුස්ලිම් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 14 හැවිරිදි හා 15 හැවිරිදි සිසුන් දෙදෙනෙකුයි.

ක්‍රීඩා පිටිය සකස් කිරීමට පස් ලබා ගැනීම සඳහා කැපු වලකට ඔවුන් වැටී ඇති බවයි පුවරසන්කුලම පොලිසිය පැවසුවේ.

සිසුන් කිහිපදෙනෙකු ජලය පිරණු මෙම වල නැරඹීමට ගිය අවස්ථාවේ අදාළ සිසුන් දෙදෙනා ඊට වැටී ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ එක්ව දැඩි පරිශ්‍රමයකින් ඔවුන් දෙදෙනා ගොඩට ගනු ලැබුව ද රෝහල් ගත කරන විටත් ඔවුන් මිය ගොස් සිටියා.

මේ පිළිබඳව බලවත් කාණගාටුව ප්‍රකාශ කරන උතුරු පළාත් ආණ්ඩුකාර පී එස් එම් චාල්ස් මහත්මිය මේ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන්ගෙන් කරුණු විමසා තිබෙනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2023 12:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්