ලිතුවේනියාව බෙලරුස් රාජ්‍යයට ගමන් ගන්නා දේශසීමා දොරටු දෙකක් වසා දමා තිබෙනවා.
ආරක්ෂක හේතුන් මත තාවකාලිකව මෙම වසා දැමීම ක්‍රියාත්මක වන බවයි ලිතුවේනියාව සඳහන් කර ඇත්තේ.
බෙලරුස් රාජ්‍ය තුළ මේ වන විට රුසියාවට අයත් වැග්නර් කුලී හමුදා බට පිරිස් රැඳී සිටිම හේතුවෙන් මෙම තීරණය ගන්නට ඇති බවට විශ්වාස කෙරෙනවා.
එමෙන්ම බෙලරුස් රාජ්‍යය රුසියාවේ ශක්තිමත්ම මිතුරා ලෙසයි කටයුතු කරන්නේ.
කිලෝ මීටර 680ක් දිග දේශසීමා දොරටු 6ක් පවතිනවා.
ආරක්ෂක රැකවල් ප්‍රමාණවත් නොවන දොරටු දෙකකුයි වසා දමා ඇත්තේ.