fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වියළි කාලගුණය තවදුරටත් – ප්‍රදේශ රැසකටම පානීය ජලය බවුසර්වලින්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 17, 2023 12:00

වියළි කාලගුණය තවදුරටත් – ප්‍රදේශ රැසකටම පානීය ජලය බවුසර්වලින්

නිරිත දිග මෝසමත් සමඟ වියළි කාලගුණික තත්ත්වය තරමක් දුරට අඩුවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස පනස්දෙකකට බවුසර යොදා ගනිමින් පානීය ජලය සැපයීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ක්‍රියා කර තිබෙනවා.

වියළි කාලගුණය තවදුරටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා තිබෙනවා.

ඒ හේතුවෙන් ගොවිබිම් රැසක්ම විනාශ වී ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

අඟුණකොළපැලැස්ස ජදුර  ප්‍ර දේශයේ ගොවීන් තම කුඹුරු ආරක්ෂා කර ගැනීම සදහා දැඩි වෙහෙසක් ගන්නා අයුරු දැකගත හැකියි.

මහවැලි අධිකාරියේ නිලධාරීන් පවසන්නේ වලව කලාපයේ කිසිදු කුඹුරකට ජලය ලැබී නැති බවයි.

වියළි කාලගුණයත් සමඟ පානීය ජල සැපයුමට ද ගැටලු රැසක් මතුව තිබෙනවා.

හැකිතාක් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසටයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

පානීය ජල ගැටලුවට විසදුමක් ලෙස දිස්ත්‍රික්ක 15වක ප්‍රා දේශීය ලේකම් කොට්ඨාස 52ක් සඳහා ආපදා සහන සේවා මධ්‍යස්ථානවල ඇති ජල බවුසර යොදා ගනමින් ජලය බෙදා හැරීම සිදු කෙරෙනවා.

පසුගිය මාස එකහමාරක පමණ කාලය තුළ දී පුද්ගලයන් එක්ලක්ෂ අසූදෙදහසකට ආසන්න පිරිසකට මෙසේ පානීය ජලය සපයා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටින්නේ.

ලබන මාසයේ දී හෝ නොවැම්බර් යන මාස වලදී වැසි ලැබීමේ ප්‍රවණතාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

මේ අතර වැසි ලැබේවායි ප්‍රාර්ථනා කරමින් වැසි පිරිත් සජ්ඣායනයක් සබරගමුව මහ සමන් දේවාල පුද බිමේ දී පැවැත්වුණා.

ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි පිරිත් සජ්ඣායනාව සිදු කෙරුණේ.

ආරක්ෂක අංශ මෙන්ම රාජ්‍ය ආයතන කිහිපයක්ම මේ සදහා දායකත්වය ලබාදී තිබුණා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 17, 2023 12:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්