2030 වන විට මෙරට සමස්ථ විදුලිබල උත්පාදන අවශ්‍යතාවයෙන් 70% පුනජනනීය බලශක්තින් මගින් සපුරාගැනීමේ රජයේ වැඩපිළිවෙළට නැගෙනහිර පලාත සූදානම් කිරීම සඳහා සහ නව ඉන්ධන පිරිපහදුවක් සමඟ නිර්මාණය වන ත්‍රිකුණාමලය සංවර්ධන සැලසුම පිලිබඳව විශේෂ සාකච්ඡාවක් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .
නැගෙනහිර පලාතේ ආණ්ඩුකාරතුමා , පලාත් ලේකම්තුමා සහ දිස්ත්‍රික් ලේකම් වරුන් සමඟ මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශයේ ලේකම්තුමා සහ විදුලිබල මන්ඩලයේ නිලධාරීන් සහභාගී වී සිටියා.
නැගෙනහිර පලාතට සැලසුම් කර ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වල වත්මන් ප්‍රගතිය සහ ඒවා කඩිනම් කිරීමට අවශ්‍ය කටයුතු , ඒ සඳහා වන ඉඩම් අවසරයන් සහ අනෙකුත් යටිතල පහසුකම් ලබාදීම සහ නව ආයෝජකයන් මෙම ව්‍යාපෘති සඳහා ආකර්ශනය කරගැනීම පිලිබඳව සාකච්ඡා කරන ලද අතර මෙම ව්‍යාපෘති කඩිනමින් කිරීම සඳහා නැගෙනහිර පලාත වෙනුවෙන්ම විදුලිබල මණ්ඩලයේ විශේෂ නියෝජිතයන් පත්කිරීමට යෝජනා වුණා.
ත්‍රිකුණාමලය , බලශක්ති කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ රජයේ වැඩසටහන පිලිබඳව සහ එමගින් විවෘත වන නව බලශක්ති සහ විදුලිබල වැඩසටහන් පිලිබඳව ආණ්ඩුකාරවරයා වරයා සමඟ දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන තිබුණා.