fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමට පියවර

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2023 06:24

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමට පියවර

ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අධ්‍යාපන මට්ටම තව තවත් වර්ධනය කිරීම උදෙසා දියගම ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට අපේක්ෂිත ක්‍රීඩා විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී ඊයේ  (15) පැවැත්වුණා.

මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ ,අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ මහතා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය සම්පත් අමරතුංග මහතා, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේසන් මහතා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සැලසුම් අධ්‍යක්ෂ ජනරාල් ගාමිණි වික්‍රමපාල මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහභාගී වුණා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2023 06:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්