වාහන තුනක් අනතුරට ලක්වීමෙන් තුන් දෙනෙකු ජීවිතක්ෂයට – 8කට තුවාල
Related Articles
මාන්කුලම පනිච්චන්කුලම ප්‍රදේශයේ දී වාහන තුනක් අනතුරට ලක්වීමෙන් පුද්ගයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
අනතුරෙන් 8 දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය සහ මාන්කුලම රෝහල් වලට ඇතුලත් කෙරුණා.
කොළඹ දෙස සිට යාපනය දෙසට ධාවනය වු වෑන් රථයක් එම දිසාවටම නවතා තිබු ලොරි රථයක පිටුපස ගැටී ඇති අතර එම ලොරි රථය ඉදිරියෙන් තිබු තවත් ලොරියක ගැටී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
පිටුපස ලොරි රථයේ රියදුරු රථයෙන් බැස ලොරි රථ දෙක අතර රැදී සිටිය දී මෙම අනතුර සිදුව ඇති අතර බරපතළ තුවාල ලැබු ඔහු ද මිය ගියා.
එම ලොරි රථයේ පිටුපස සිටි පුද්ගලයා හා වෑන් රථයේ ඉදිරිපස අසුනේ ගමන් ගත් පුද්ගලයෙකු ද බරපතළ තුවාල ලබා මාන්කුලම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.
වෑන් රථයේ ගමන් ගත් කාන්තාවන් තුන් දෙනෙකු හා ලොරි රථයේ ගමන් ගත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කෙරුණා.
ලොරි රථයේ ගමන් ගත් පිරිමි පුද්ගලයන් තුන් දෙනෙකු මාන්කුලම රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මෙම අනතුරෙන් මිය ගියේ මුල්ලේරියාව නව නගරය / වැල්ලම්පිටිය හා යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන් තුන් දෙනෙකුයි.