fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෙහෙත් පෙති එකොලොස්දහසක් හොරට විකුණන්න යද්දී කොටු වෙයි

hasiniek
By hasiniek අගෝස්තු 15, 2023 16:03

බෙහෙත් පෙති එකොලොස්දහසක් හොරට විකුණන්න යද්දී කොටු වෙයි

නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ ඖෂධ තොගයක් සමග සැකකරුවෙකු මැදවච්චියේදී නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව අනුරාධපුර ආහාර සහ ඖෂධ පරික්ෂක ඒකකය ඒකාබද්ධව මැදවච්චිය රෝහල ඉදිරිපිට සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි සැකකරු නාවික හමුදා භාරයට ගැනුනේ.

ඖෂධ අලෙවි සැලක නීතිවිරෝධී ලෙස අලෙවි කිරීම සදහා සූදානම් කර තිබූ ඖෂධ පෙති එකොළොස්දහස් තුන්සිය හැත්තෑ හතක ප්‍රමාණයක් මෙහිදී සොයා ගැනුණා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40ක් වන මැදවච්චිය ප්‍ර දේශයේ පදිංචිකරුවෙක්.

ඖෂධ සහ මෙම සැකකරු ඉදිරි නීතිමය කටයුතු වෙනුවෙන් අනුරාධපුර ආහාර සහ ඖෂධ ඒකකය වෙත භාරදීමට නාවික හමුදාව කටයුතු කළා.

 

 

hasiniek
By hasiniek අගෝස්තු 15, 2023 16:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්