fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය සේවයට ලබන වසරේ නව බඳවා ගැනීම් නැහැ – භාණ්ඩාගාර ලේකම්

hasiniek
By hasiniek අගෝස්තු 15, 2023 15:08

රාජ්‍ය සේවයට ලබන වසරේ නව බඳවා ගැනීම් නැහැ – භාණ්ඩාගාර ලේකම්

ලබන වසරේදී රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සිදු නොකරන බැවින් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් නොකරන බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා දැනුම් දී තිබෙනවා.

ඒ, සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත 2024 වසරේ අයවැය ඇස්තමේන්තු සකස් කිරීම සඳහා වන මාර්ගෝපදේශන මාලාවට අදාළ චක්‍රලේඛය නිකුත් කරමින්.

ඒ අනුව මෙම වසරේ ජුනි මස 30 වනදාට සිටින සේවක සංඛ්‍යාව පදනම් කර ගනිමින් ලබන වසර සඳහා වැටුප්, වේතන සහ අනෙකුත් දීමනා ඇස්තමේන්තු සකස් කර දිය යුතු බවටද භාණ්ඩාගාර ලේකම්වරයා විසින් දැනුම්දී තිබෙනවා.

ලබන වසරේ දී රාජ්‍ය ආයතන සඳහා ගෘහ භාණ්ඩ, කාර්යාල උපකරණ හා උපාංග මිලදී ගැනීම හැකිතාක් සීමා කළ යුතු අතර රථවාහන මිලදී ගැනීම සම්බන්ධයෙන් පනවා ඇති සීමා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බව සඳහන්.

මීට අමතරව සේවා ව්‍යවස්ථා, බඳවා ගැනීමේ පටිපාටි හා චක්‍රලේඛ මගින් දේශීය පුහුණුවීම් නියම කර ඇත්නම් පමණක් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කළ යුතු බවයි භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අදාළ අදාළ චක්‍රලේඛය මගින් දැනුම් දී ඇත්තේ.

hasiniek
By hasiniek අගෝස්තු 15, 2023 15:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්