ලක්ෂවාරයක් වැසි පිරිත සජ්ඣායනා කිරීමේ පින්කමක් නාරාහේන්පිට අභයාරාමයේදී
Related Articles
නියං තත්ත්වය නිමවා දිවයිනටම වැසි ලබා දෙන ලෙස ඉල්ලමින් ලක්ෂවාරයක් වැසි පිරිත සජ්ඣායනා කිරීමේ පින්කමක් නාරාහේන්පිට අභයාරාමයේදී ආරම්භ වුණා.
අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් වැසි පිරිත සජ්ඣායනා කිරීමේ පින්කම සංවිධාන කෙරුණා. සිව් දෙසින් වැඩම කරවන ලද මහා සංඝයා වහන්සේ ඊට සහභාගීවී සිටිනවා. ලබන 21 වනදා දක්වා පැය 24 පුරා මෙහිදි වැසි පිරිත සජ්ඣායනා කෙරෙනවා.
මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, වජිර අබේවර්ධන, යන මැති ඇමතිවරුන් සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද ශ්‍රි ලංකාවේ වියට්නාම තානාපතිනිය ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
මේ අතර 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා මෙහිදී අදහස් පළකලා.