තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි අලෙවි කළ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකායේ තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කෙරුණේ. ඒ අනුව සයින්දමරුදු පොලිස් වසමේ ජමයියා පාර ප්රදේශයේ දී වැටලීමක් සිදුකළා. තීරුබදු රහිතව ගෙන්වන ලද විදේශීය දුම්වැටි 560ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු එහිදි අත්අඩංගුවට ගැනුනා. ඒ යතුරු පැදි දෙකක් ද සමගයි.
කල්මුණේ සහ කල්මුණයිකුඩි ප්රදේශවල පදිංචිකරුවන් වන මොවුන් වැඩිදුර විමර්ෂණ සදහා සයින්දමරුදු පොලිසිය වෙත භාරදී තිබෙනවා.