නඩු ලේඛන සපා කෑ නීතිඥවරියට ඇප
Related Articles
කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණ ලේඛනාගාරයේ තිබූ ඉඩම් නඩුවකට අදාළ ලිපි ගොනුවක රජයේ රස පරීක්ෂකවරයා සහතික කරන ලද වැදගත් ලේඛන දෙකක් සපා කා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි නීතිඥවරිය රුපියල් ලක්ෂ පහක් වටිනා ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සෙනරත් බණ්ඩාර මහතා නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන නොවැම්බර් මස 1 දින අධිකරණයට ඉදදිරිපත් කරන ලෙසට ද කැකිරාව පොලිසියට තවදුරටත් නියෝග කෙරිණ.
මෙසේ ඇප මත මුදා හැරියේ නීතිඥවරියක වන රෝෂිණි අබේරත්න නැමැත්තියයි. ඇය කැකිරාව සෙක්කුපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.
කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් ශ්‍රියන්තා චන්දනමාලි සමරකෝන් මහත්මිය කැකිරාව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මූලික විමර්ශන මෙහෙයවා සැකකාර නීතිඥවරිය අත්අඩංගුවට ගැණින.
අයුතු ඇතුළුවීම, බලෙන් ලබා ගැනීම, කොල්ලකෑම, අනර්ථය සිදු කිරීම, රජයේ නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා යටතේ පොදු දේපොළ පනත ප්‍රකාරව මෙම සැකකාරිය අධිකණයට ඉදිරිපත් කර තිබිණ.