fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නොදන්වා සේවය හැරගිය වෛද්‍යවරුන්ට වෙන දේ

hasiniek
By hasiniek අගෝස්තු 14, 2023 16:38

නොදන්වා සේවය හැරගිය වෛද්‍යවරුන්ට වෙන දේ

නොදන්වා සේවය හැරගිය වෛද්‍යවරුන් ඇප මුදල මෙන්ම දඩ මුදල ද අමාත්‍යංශය වෙත ලබාදිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ තෘත්‍රික සහකාර සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා පවසනවා.

පසුගිය වසරේ ජනවාරි සිට මෙම වසරේ ජූලි දක්වා සංඛ්‍යාව 120කට ආසන්න වෛද්‍යවරුන් පිරිසක් සේවය හැරගොස් ඇති බවයි ඒ මහතා හෙළිකළේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ නීති වෙනස් කිරීම් හෝ තර්ජනය කිරීම්වලින් වෛද්‍යවරුන් රට හැරයාම නතර කළ නොහැකි බවයි.

කෙසේ වෙතත් මෙලෙස වෛද්‍යවරුන් මෙන්ම විශේෂඥ වෛද‍්‍යවරුන් රට හැරයාම බරපතළ ගැටලුවක් වී ඇති බවයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

hasiniek
By hasiniek අගෝස්තු 14, 2023 16:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්