fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උග්‍ර නියං තත්ත්වය නිසා සත්ව පාලනයටත් දැඩි බලපෑම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2023 10:39

උග්‍ර නියං තත්ත්වය නිසා සත්ව පාලනයටත් දැඩි බලපෑම්

මේ දිනවල පවතින උග්‍ර නියඟය සහිත කාලගුණික තත්ත්වය සත්ව පාලන කටයුතු සඳහා දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ගොවීන් පවසනවා.

විශේෂයෙන් ගව පාලනයේ දී එම සතුන්ට අවශ්‍ය පානීය ජලය හිඟකම මෙන්ම තණබිම් වියළී යාම ද නිසා ඇතිවන ආහාර හිඟයෙන් ද එම සතුන් පීඩාවට පත්ව තිබේ.

මේ සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පශු සම්පත් සංවර්ධන අංශය සමග කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සාකච්ඡා කරනු ලැබීය.

සත්වපාලනය පුළුල් ලෙස සිදු කෙරෙන දිස්ත්‍රික්ක සියල්ලම පාහේ දැඩි නියඟයට ගොදුරු වී තිබේ. විශේෂයෙන් මී ගවයින් වැඩි පිරිසක් සිටින හම්බන්තොට, අම්පාර හා මොණරාගල මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කවල කුඩා වැව් සියල්ලම පාහේ සිඳී යාම නිසා මී ගවයින්ට දිවාකාලයේ රැදී සිටීම සඳහා ජලය සහිත ස්ථාන නොමැති වීම එම සතුන්ගේ පැවැත්මට හැනිකර ලෙස බලපා තිබේ.

ඒ නිසා ගවයින්ට අවශ්‍ය පානීය ජලය සැපයීමට පියවර ගන්නා ලෙසත්, විශේෂයෙන් මෙම දිනවල වියළි තණබිම්වලට ගිනි තැබීම් වාර්තා වන බැවින් ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා වැඩ පිළිවෙළක් සකසන ලෙසත් අමාත්‍යවරයා පශු සම්පත් සංවර්ධන අංශයට උපදෙස් දුන්නේය.

එමෙන්ම වියළි තණබිම්වලට ගිනි නොතබන ලෙස ඉල්ලා දැන්වීමක් අදාල ප්‍රදේශවල රාජ්‍ය ආයතනවල ප්‍රදර්ශනය කරන ලෙස ද අමාත්‍යවරයා පශු සම්පත් සංවර්ධන අංශයට දැනුම් දුන්නේය.

පවතින දැඩි නියඟය නිසා ඇති වී තිබෙන ජල හිඟය හේතුවෙන් දෛනික කිරි නිෂ්පාදනය පහළයාමට ද හේතුවී තිබෙන බව ගොවි ජනතාව පවසති.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2023 10:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්