T20 තරගාවලියේ ජය කොදෙව්වන්ට
Related Articles
සංචාරක ඉන්දීය කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ ජය හිමිකර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.
ඊයේ පැවති පස්වන විස්සයි විස්ස තරගය කඩුලු 8 කින් ජයගත් බටහිර ඉන්දීය කොදෙව්වන් තරගාවලියේ ජය තුනට දෙකක් ලෙස හිමිකර ගත්තා. ඊයේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 165ක් රැස්කළා. සූර්ය කුමාර් යාදෙව් පන්දු 45කදී ලකුණු 61ක් රැස් කිරීමට සමත්වුණා. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව්වන් පන්දුවාර 18කදී කඩුලු 2ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකළා. අගනා ඉණිමක් ක්‍රීඩා කළ බ්‍රැන්ඩන් ක්‍රිංග් නොදැවී ලකුණු 85ක් රැස් කරමින් කොදෙව් ජයග්‍රහණයේ නියමුවා බවට පත්වුණා.