ප්‍රවීණ ලේඛිකා අනුල ද සිල්වා මහත්මියගේ අවසන් කටයුතු අද
Related Articles
සම්මානනීය ලේඛිකා අනුල ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත විය.
අභාවප්‍රාප්ත වන විට ඇයගේ වයස අවුරුදු 82 කි.
දශක හයකට අධික කාලයක් තිස්සේ පොත් 125කට අධික සංඛ්‍යාවක් රචනා කර ඇති ඇය මිහිර, තරුණි, සිරිකත, වනිතා විත්ති ආදී කාන්තා සහ ළමා පුවත් පත් සහ සඟරා කිහිපයක කර්තෘ ලෙස කටයුතු කළාය.
ඇගේ දේහය අවසාන ගෞරවය දැක්වීම සඳහා ජයරත්න මල් ශාලාවේ තබා ඇති අතර අවසන් කටයුතු අද (14) බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.
ලේඛිකාවක්, පරිවර්තිකාවක් සහ මාධ්‍යවේදිනියක් ලෙස මෙන්ම අනුල ද සිල්වා මහත්මිය කෙටිකාලයක් ගුරුවරියක් ලෙස ද සේවය කළා ය.
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ඇතුළු සම්මාන රැසකින් ද, අනුල ද සිල්වා මහත්මිය පිදුම් ලැබුවේ සිය සාහිත්‍ය මෙහෙයවර ජාතික වශයෙන් ඇගයිමට ලක්වෙමිනි.