මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රය ඉහළ අපනයන ආදායමක් උපයා දෙන කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා උපදෙස් ලබාදුන්නා.
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්රිතව මතුව ඇති ගැටලු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළා.
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයේ සංවර්ධනය සඳහා බදු ප්රතිපත්ති පිළිබඳ නිර්දේශ පරිසරය ,ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබද ආංශික අධීක්ෂණ කමිටුව විසින් ජනාධිපතිවරයා වෙත මෙහිදී ඉදිරිපත් කෙරුණා.
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයට බලපාන මෙන්ම අපනයන හා ප්රති අපනයන ක්රියාවලිය පිළිබද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.
එම කෂේත්රයේ මතුව ඇති ගැටලු කිහිපයක් පිළිබඳව ද අදාළ පාර්ශ්වකරුවන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කළා.
පසුගිය වසරට සාපේක්ෂව මෙම ක්ෂේත්රයේ ඉලක්කගත වර්ධනයක් සිදුව නොමැති බවටයි මෙහිදී හෙළිවුණේ.
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රය නගාසිටුවීමට විධිමත් සැළැස්මක් කඩිනමින් ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා පහසුකම් සැලසීමට රජය සූදානම් බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/zCl8QppFYXU”]