fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සීතාඑළිය හා කහගොල්ල බීජ අර්තාපල් ගොවිපොළවලට අවශ්‍ය සියලුම මුල්‍ය ප්‍රතිපාදන කඩිනමින්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2023 09:10

සීතාඑළිය හා කහගොල්ල බීජ අර්තාපල් ගොවිපොළවලට අවශ්‍ය සියලුම මුල්‍ය ප්‍රතිපාදන කඩිනමින්

අපේ රටට අවශ්‍ය අර්තාපල් සම්පූර්ණ ප්‍රමාණයම රට තුළ නිපදවීම ඉළක්ක කර ගනිමින් නුවරඑළිය, සීතාඑළිය හා දියතලාව, කහගොල්ල  බීජ අර්තාපල් ගොවිපොළවල කටයුතු වහා ඉහළ නැංවීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද  අමරවීර මහතා කෘෂිකර්ම ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දුන්නා.

පසුගියදා කහත්තේවෙළ දී විවෘත කරන ලද අර්තාතපල් තීරු නිෂ්පාදන කර්මාන්ත ශාලාවට දෛනිකව අර්තාපල් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වේ.

එමෙන්ම වාර්ෂිකව මෙරට ජනතාවගේ පාරිභෝජනය සඳහා ද අර්තාපල් මෙට්‍රික් ටොන් 225,000ක් අවශ්‍ය වේ.

නමුත් මේ වන විට අපේ රටේ අර්තාපල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 33018කි. ඒ අනුව ඉතිරි සමස්ත ප්‍රමාණයම ආනයනය කිරීමට සිදුවෙයි.

එමෙන්ම දේශීය අර්තාපල් අස්වනු නෙළාගන්නා කාලය වනවිට ආනයනය බදු ඉහළ දැමුවත් ආනයන කරුවන් විසින් අර්තාපල් ආනයනය කිරීමට පියවර ගැනීම නිසා දේශීය අර්තාපල් ගොවියා අසරණ වේ.

දැනට බීජ අර්තාපල් මිල ද ඉහළ ගොස් තිබෙන නිසා  ගොවියා අසරණ වේ.

මෙම කරුණු සැළකිල්ලට ගනිමින් අපේ රටේ අර්තාපල් අස්වැන්න ඉහළ නැංවීමට නම් අප රටට අවශ්‍ය අර්තාපල් බීජ ප්‍රමාණය මෙරට තුළ දීම නිපදවා ගත යුතුවෙනවා.

අපේ රටේ දැනට මූලික බීජ සැකසීම මිලියන 03ක් දක්වා ඉහළ නංවා ඇති අතර එමගින් අර්තාපල් මෙට්‍රික් ටොන් 3000ක ප්‍රමාණයක් සකසා ගැනීමට හැකිවේ.

එය සමස්ත ජාතික අවශ්‍යතාවයෙන් 24%කි.

නමුත් මෙය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන නිසා අර්තාපල් බීජ නිෂ්පාදනය ඉදිරි වසර තුළ 80%ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නා.

ඒ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන දැනට කෘෂිකර්ම අමාත්‍යාංශයට හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ලබා දී ඇතී මුල්‍ය ප්‍රතිපාදනවලින් වෙන් කරන ලෙසත්, ඊට අමතරව කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ව්‍යාපෘතිවලිනුත් ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා නියෝග කළා.

එමෙන්ම කහගොල්ල බීජ අර්තාපල් ගොවිපොළ මගින් නිෂ්පාදන වාර්තාවක් සතියක් තුළ ලබා දිය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය සිකුරාදා කහගොල්ල බීජ අර්තාපල් සැකසුම් ගොවිපොළ නිරීක්ෂණය සඳහා සහභාගි වුණා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2023 09:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්