ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය පාණ්ඩේ මහතා අතර ආරක්ෂක අමාත්‍යාංශයේදී හමුවක් සිදු වුණා.
දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා උපරිම සහයෝගය දෙන බව පාණ්ඩේ මහතා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
ආරක්ෂක උපදේශක කපිතාන් විකාස් සූද් සහ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් ඇකුළු ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාහු කණ්ඩායමක් මේ අවස්ථාවට සහභාගීවී සිටියා.