fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අර්ථසාධක අරමුදල වෙනුවෙන් ගොනුකළ පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කෙරේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2023 17:18

අර්ථසාධක අරමුදල වෙනුවෙන් ගොනුකළ පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කෙරේ

සේවක අර්ථසාධක අරමුදලේ ඇති මුදල් භාන්ඩාගාර බිල්පත් සහ බැදුම්කරවල ආයෝජනය කිරීමේදී ගෙවන පොලිය සියයට නවයක් දක්වා අඩු කිරීමට ගෙන ඇති තීරණය තුළින් එහි සාමාජිකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම් විභාගයට නොගෙන නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තින්දු කළා.

විජිත් මලල්ගොඩ, ගාමිණී අමරසේකර සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ලබාදුන්නා.

සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයෙකු මෙන්ම මූල්‍ය විශ්ලේෂකයෙකු වන චතුරංග අබේසිංහ මහතා මෙම පෙත්සම ගොනුකර තිබුණා.

මෙම නඩුව ඊයේ කැදවූ අවස්ථාවේදී මහබැංකු අධිපතිවරයා හා එහි මූල්‍ය මණ්ඩලය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ කේ කනගීෂ්වරන් මහතා ප්‍රකාශ කළේ දේශීය ණය ප්‍රතිව්‍යූහගතකිරීමේ යෝජනා පසුගිය 28 වනදා අමාත්‍ය මණ්ඩලය මගින් සම්මත කර ඇති බවයි.

එමෙන්ම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති අතර යෝජනාවලට පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව ද අනුමැතිය ලබා දී ඇති බව ජනාධිපති නීතීඥවරයා අධිකරණයට පෙන්වා දුන්නා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එම් ඒ සුමන්දිරන් මහතා ප්‍රකාශ කළේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ අදහස් විමසීමකින් තොරව එම කටයුතු ප්‍රතිව්‍යූහගත කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.

සේවක අර්ථසාධක අරමුදල රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැදුම්කරවල සිදුකර ඇති අයෝජන සදහා ගෙවන පොලිය සියයට 12 සිට නවය දක්වා අඩු කිරීමට එකග නොවන්නේ නම් සියයට තිහක බද්ධක් පැනවීමට සිදුවන බවට රජය කළ ප්‍රකාශය අතිශය සාහසික බවද ජනාධිපති නීතීඥවරයා පෙන්වා දුන්නා.

දෙවන දිනටත් අද පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව එය විභාගයට නොගන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2023 17:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්