ජාතික හෑන්ඩ් බෝල් ශූරතාවලියට කණ්ඩායම් 23ක්
Related Articles
ශ්‍රී ලංකා හෑන්ඩ් බෝල් සංගමය දෙවන වරටත් සංවිධාන කරන ජාතික හෑන්ඩ් බෝල් ශූරතාවලිය අද පුත්තලම නගර සභා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.
සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා හෑන්ඩ් බෝල් සංගමයේ සභාපති උපාලි රාජපක්ෂ, සංගමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්න යන මහත්වරුන්ගේ මුලිකත්වයෙනුයි පැවැත්වුණේ.
මෙවර තරගාවලියට පිරිමි කණ්ඩායම් 16 ක් හා කාන්තා කණ්ඩායම් 7 ක් සහභාගී වනවා.
තරගාවලිය පුරා දින 4 ක් පුත්තලම නගර සභා ක්‍රීඩාංගණයේදීයි පැවැත්වෙන්නේ.