ලැබෙන අස්වනු ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් සහනාධාර ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
අර්තාපල්, රතු ළූණු, ලොකු ළූණු ඇතුලු වෙනත් වගාවන් සදහා සහනාධාරයක් ලබාදෙන ලෙස ගොවීන්ගෙන් ඉල්ලීම් ලැබී තිබෙනවා.
ඒ පිළිබඳ අවධානය යොමු කරමිනුයි අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙන්නේ.
ඌව පරණගම කිරවනාගම ප්‍රදේශයේ ගොවි මහතෙකු වගාකර ඇති මිදි වගාව අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා.
එහිදී අමාත්‍යවරයා සදහන් කළේ අස්වැන්නට සරිලන සහනාධාරයක් ලබා දීමට පියවර ගන්නා බවයි.