යුද හමුදාව දළදා පෙරහරට වාර්ෂික කොප්පරා පූජාව සිදු කරයි
Related Articles
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය ආලෝකවත් කිරීම සදහා යුද හමුදාව සිදු කරන කොප්පරා පූජාව දළදා මාළිගාවේ දී පැවැත්වුණා.
පෙරහැර ගමන් ගන්නා වීථි ආලෝකවත් කිරීම සදහා කොප්පරා යොදා ගැනෙනවා. ඒ සදහා අවශ්‍ය කොප්පරා ටොන් පහළොවක් යුද හමුදාව ශ්‍රී දළදා මාළිගාවට පරිත්‍යාග කළා. යුද හමුදාව මෙම පිංකම සිදු කරන්නේ වසර 10 ක සිටයි. බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තුව මගින් කොප්පරා සකස් කර තිබෙනවා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.