ස්කෑන් යන්ත්‍රයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
Related Articles
පසුගිය යුද සමයේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සඟවා තැබූ රත්‍රන් , මුදල් හා අවි ආයුධ සෙවීම සඳහා යොදා ගත් අති නවීන ස්කෑන් යන්ත්‍රයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්යබලකායේ කිළිනොච්චිය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කිළිනොච්චිය කනකපුරම් මහ විරු කනත්තට ආසන්න ප්‍රදේශයේ කළ වැටලීමකදීයි මෙය සොයා ගෙන ඇත්තේ.
යුද සමයේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් මෙම යන්ත්‍රය වළදමා ඇති බවටයි සැක කෙරෙන්නේ.
ස්කෑන් යන්ත්‍රය මෝටර් රථයකින් රැගනෙ යමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරන්නේ.
ඔවුන් මාදම්පේ ,මහනුවර,නාත්තන්ඩිය හා මිද්දෙණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.