ඇමෙරිකාවේ මාඋයි ප්රාන්තයේ ලැවි ගිණිවලින් 53 දෙනෙකු මියගොස් තිබෙනවා.
ලැව් ගිනි හේතුවෙන් හවායි දූපතේ ඓතිහාසික නගරයක් වන ලහයිනා නගරය සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.
ගින්නෙන් පිළිස්සුම් තුවාල ලැබූ හා දුම් ආග්රහනයවීමෙන් රෝගී වූ බොහෝ පිරිසක් රෝහල් ගත කර සිටිනවා.
ගිනි නිවන භටයන් දැඩි උත්සාහයක් ගත්තද ඓතිහාසික නගරයේ ගොඩනැගිලි ගින්නෙන් බේරා ගැනීමට නොහැකි වී තිබෙනවා.
ඇතැම් පිරිස් ගින්නෙන් බේරීම සඳහා මුහුදට පැන ඇති බවද සඳහන්.
මෙම පැරණි නගරයේ දොළොස් දහසකට ආසන්න පිරිසක් ජීවත් වනවා.