fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධ්‍යාපන අමාත්‍යවරයා හා මෙරට ප්‍රංශ තානාපති අතර සහයෝගීතා හමුවක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2023 06:26

අධ්‍යාපන අමාත්‍යවරයා හා මෙරට ප්‍රංශ තානාපති අතර සහයෝගීතා හමුවක්

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා හා මෙරට නව ප්‍රංශ තානාපති ජොං ෆ්‍රොන්සුවා පැක්ටෙට් මහතා අතර හමුවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පසුගියදා (09) පැවැත්වුණා.

දෙරටෙහි අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ නව තාක්ෂණික හා වෘත්තීය දැනුම හුවමාරු කරගැනීම මෙන්ම මෙරට සිසුන්ට ප්‍රංශය තුළ නව තාක්ෂණික අධ්‍යාපන අවස්ථා විවර කරගැනීම සම්බන්ධයෙන් ද මෙම හමුවේ දී අදහස් හුවමාරු වුණා.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා පිළිබඳව ද මෙහි දී අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රංශ තානාපතිගෙන් තොරතුරු විමසුවා.

ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර ද්වීපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කරගැනීමේ ආධ්‍යාපනික සංවර්ධන කාර්යන් පිළිබඳව ද අදහස් පළ කෙරුණු මෙම හමුවේ දී ශ්‍රී ලාංකික අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පරිවර්තනීය වෙනස්කම් සිදු කිරීම සඳහා ප්‍රංශ රජයේ අනුග්‍රහය ලබා දීම කෙරෙහි සිය අවධානය යොමු කරන බව ද ප්‍රංශ තානාපතිවරයා පැවසුවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2023 06:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්