ක්‍රීඩා අමාත්‍යවරයා ඉකුත් වසරේ නිකුත් කළ ක්‍රීඩා රේගුලාසි අඩංගු ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් ඉල්ලා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ඉදිරිපත් කළ පෙත්සම සමතයකට පත් කෙරුණා.
ඒ අභියාචනාධිකරණය හමුවේයි.
2022 දෙසැම්බර් 14 වනදා මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණා. එය මේ වසරේ නොවැම්බර් 01 වනදා දක්වා ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමටත් එය පාපන්දු සම්මේලනයේ නිලවරණයට අදාළ කර නොගන්නා බවටත් ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වය එකඟ වුණා.
ඒ අනුව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නිර්දේශ අනුව 2022 සැප්තැම්බර් 22 වනදා සම්මත කරන ලද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව හා ක්‍රීඩා පනතේ විධිවිධානයන්ට අනුව සැප්තැම්බර් 16 වනදාට පෙර නිලවරණයන් පැවැත්වීමටත් එකඟතාව ඇති වුණා.
එම එකඟතාවන්ට අනුව අදාළ පෙත්සමේ කටයුතු අත්හිටුවීමට තීරණය කෙරුණා.