චීනයේ අර්ධ සන්නායක, ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික, ක්වොන්ටම් තොරතුරු තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය ඇතුළු ක්ෂේත්රවලට සිදු කෙරෙන ආයෝජන සීමා කිරීම සඳහා, බෙයිජිං වේලාවෙන් අද(10) උදේ ඇමරිකානු ජනාධිපති Joe Biden විධායක නියෝගයක් අත්සන් කර ඇති බවට වාර්තා වනවා
ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශය අදහස් දක්වමින් දැඩි විරෝධය පළ කර සිටියා
ඊනියා ජාතික ආරක්ෂාවේ නාමයෙන් ඇමරිකාව චීනයට එරෙහිව ආයෝජන සීමා පනවන්නේ චීනයේ සංවර්ධන අයිතිය අහිමි කරමින් තමන්ගේම ආධිපත්‍යය පවත්වා ගැනීමේ අරමුණින් බවත්, එය පැහැදිලිවම ආර්ථික බලහත්කාරයක් සහ තාක්ෂණික හිරිහැර කිරීමක් බවත් චීන විදේශ අමාත්‍යංශය සඳහන් කළා.
ඇමරිකාවේ එම වැරදි තීරණය වහාම ඉවත් කර, දෙරටේ ආර්ථික සහ වෙළඳ සහයෝගීතාවයට හිතකර පරිසරයක් නිර්මාණය කරන ලෙසට චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව චීන විදේශ අමාත්‍යංශය අවධාරණය කර තිබෙනවා.