ජෝ බයිඩ්න්ට තර්ජනය කළ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ
Related Articles
ඇමෙරිකා ජනපති ජෝ බයිඩ්න්ට තර්ජනය කළ පුද්ගලයෙකු එෆ් බී අයි මෙහෙයුමකින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයාට හා තවත් නිලධාරීන් කිහිපදෙනෙකු ඝාතනය කරන බවට දැක්වෙන අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙනුයි ඔහු අත්අඩංගුවට ගෙන ඝාතනය කර ඇත්තේ.
අදාළ පුද්ගලයා ක්‍රේග් රොබර්ට්සන් නැමැති අයෙකු වන අතර ඔහු ඌටා ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ද එම ප්‍රදේශයට පැමිණෙන බව දැනගත් ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජනය කිරීම සිදුකර තිබෙනවා.
මේ පිළිබඳ පරීක්ෂණ පවත්වා ඔහු ඝාතනය කළ බවයි ඇමෙරිකා ආරක්ෂක අංශ පවසන්නේ.