චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් පවුම් 50 නව කාසියක්
Related Articles
චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් එක්සත් රාජධානිය පවුම් පනහේ නව කාසියක් නිකුත් කර තිබෙනවා.
චාල්ස් රජුගේ සහ ඔහුගේ රාජාභිෂේකය සිදු වු වෙස්මිනිස්ටර් ඇබේ හි පැතිකඩක් සහිතව නව කාසිය එළිදක්වා තිබෙනවා.
මෙවැනි කාසි මිලියන පහක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒවා තැපැල් කාර්යාල හා බැංකු වෙත යොමුකර තිබෙනවා.
මෙය චාල්ස් රජුගේ රුව ඇතුලත් දෙවන කාසියයි.
මීට පෙර සිය මව වන එලිසබෙත් රැජිනගේ අභාවයෙන් පසු ඔහු සිංහාසනයට පත්විම සනිටුහන් කරමින් 2022 වසරේ දී ද චාල්ස් රජුගේ රුව ඇතුලත් කාසියක් නිකුත් කෙරුණා.