ලැව්ගිනි හේතුවෙන් හවායි දූපතේ ඓතිහාසික නගරයක් විනාශ වෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2023 09:37

ලැව්ගිනි හේතුවෙන් හවායි දූපතේ ඓතිහාසික නගරයක් විනාශ වෙයි

ලැව්ගිනි හේතුවෙන් හවායි දූපතේ ඓතිහාසික නගරයක් වන ලහයිනා නගරය සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

ඇමෙරිකාවේ මාඋයි ප්‍රාන්තයේ හටගෙන ඇති මෙම ලැව් ගිනිවලින් පුද්ගලයන් හයදෙනෙකු මියගොස් ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරනවා.

ගින්නෙන් පිළිස්සුම් තුවාල ලැබූ හා දුම් ආඝ්‍රහනයෙන් රෝගී වූ බොහෝ පිරිසක් ප්‍රාන්ත රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.

ගිනි නිවන භටයන් දැවැන්ත උත්සාහයක නිරත වුවද ඓතිහාසික නගරයේ ගොඩනැගිලි ගින්නෙන් බේරා ගැනීමට නොහැකි වී තිබෙනවා.

ඇතැම් පිරිස් ගින්නෙන් බේරීම සඳහා මුහුදට පැන ඇති බවද සඳහන්.

මෙම පැරණි නගරයේ දොළොස් දහසකට ආසන්න පිරිසක් ජීවත් වනවා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2023 09:37