fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සපත්තු අලෙවිසැලක් බිඳ දේපළ සොරාගත් අයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2023 08:24

සපත්තු අලෙවිසැලක් බිඳ දේපළ සොරාගත් අයෙකු අත්අඩංගුවට

මතුගම නගරයේ සපත්තු අලෙවිසැලක් බිඳ රුපියල් ලක්ෂ 6කට ආසන්න දේපළ සොරාගත් “ගල්ලස්සහේන කිත්තා” නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරු සොරා ගෙන තිබූ මිලෙන් අධික සපත්තු කුට්ටම් 69 ක් විදුලි ජනක යන්ත්‍රයක් හා බෆල් එකක්  පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඉකුත් හත් වැනිදා රාත්‍රියේ දී වෙළඳසැල ඉදිරිපස ඉබි යතුරු කඩා ඇතුළු වී තිබු සැකකරු තෝරාගත් දේපල පොහොර උර වල ළමා  රථයක පටවා සැකකරු පදිංචි නිවෙස වෙත රැගෙනවිත් සඟවා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සැකකරු පෝර උරවල සඟවා සගවා කිසියම් බඩු වගයක් රැගෙන ආ බවට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක ටි ආර් වීරසේන මහතාට ලද තොරතුරකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වනවා.
ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2023 08:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්