fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෝච්චියට බිලි වුණ ජීවිතය

hasiniek
By hasiniek අගෝස්තු 9, 2023 13:25

කෝච්චියට බිලි වුණ ජීවිතය

මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු අංක 20 භාණ්ඩ ප්‍රවාහන දුම්රියට පැන තරුණියක් අද (09) උදෑසන සියදිවි හානි කරගෙන තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, තලවකැලේ ඩයගම ප්‍රදේශයේ පදිංචිව සිටි කනපති අනුෂා දර්ශනි නැමති 28 හැවිරිදි තරුණියක්

මියගිය තරුණිය හැටන් නගරයේ පෞද්ගලික මුල්‍ය ආයතනයක සේවය කළ අයෙක්.

පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ, වසර 5ක කාලයක් පුරා හැටන් පොන්නගර් ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමග මෙම තරුණිය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර අද උදෑසන තමාව හමුවීමට පැමිණෙන ලෙස මියගිය තරුණිය විසින් තරුණයාට දුරකථනයෙන් දැනුම්දී ඇති අතර ඔහු එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උරණ වී මෙලෙස දුම්රියට පැන ඇති බව පොලීසියට අනාවරණය වී තිබෙනවා.

තරුණියගේ සිරුර පෙම්වතා විසින් හඳුනාගෙන ඇති අතර, සිරුර පශ්චාර මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කරන බව හැටන් පොලීසිය කියා සිටියා

hasiniek
By hasiniek අගෝස්තු 9, 2023 13:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්