fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමනළ වැවෙන් උඩවලවට ජලය මුදාහැරීම ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2023 08:21

සමනළ වැවෙන් උඩවලවට ජලය මුදාහැරීම ඇරඹෙයි

සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය මුදා හැරීම අද අළුයම ආරම්භ කෙරුණා. පළමු වටයේ දින තුනක් සඳහා මෙසේ ජලය නිකුත් කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ.

වසර 20කට පසු වලව මහවැලි කලාපයට බලපෑ දරුණු නියගය හේතුවෙන් උඩවලව ජලාශයේ ජලය ශිඝ්‍රයෙන් සිදි ගියා. ඒ හේතුවෙන් වගා බිම් රැසකට ජලය සැපයීමට නොහැකි තත්ත්වයක් උද්ගත වීමත් සමග ගොවීන් අර්බුදකාරී තත්ත්වයකටයි පත්වුණේ. හෙක්ටාර 800ක පමණ කුඹුරු වගාවට හා හෙක්ටාර 100ක අතිරේක බෝග වගාවට ජලය සැපයීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුවයි සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීමට කටයුතු කෙරුණේ.

ඒ අනුව සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට මෙසේ ජලය නිකුත් කිරීම අද අළුයම 3ට ආරම්භ කෙරුණු අතර දිනකට කියුබික් මීටර් මිලියන 3.5 බැගින් ජලය මෙසේ මුදා හැරීම සිදුවනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2023 08:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්