fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයට තවමත් කාලගුණයෙන් අයහපත් බලපෑම්

hasiniek
By hasiniek අගෝස්තු 7, 2023 13:55

චීනයට තවමත් කාලගුණයෙන් අයහපත් බලපෑම්

චීනයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් හෙයිලොන්ජියැන්ග් ප්‍රාන්තයේ හතලිස් දහසක පිරිසක් ඉවත් කර තිබෙනවා.

ඩොක්සුරි චන්ඩ මාරුතයත් සමග චීනයට බලපෑ අධික වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් පවතිනවා.

මේ වන විට අයහපත් කාලගුණයෙන් ඇති වු බලපෑම් හේතුවෙන් 38 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

බෙයිජිං නගරයේ මාර්ග රැසක් ද ගංවතුර හා නායයෑම් හේතුවෙන් කැඩී ගොස් තිබෙනවා.

මෙම කාලගුණික බලපෑමෙන් සිදු වු හානි යතා තත්ත්වයට පත් කිරීම සදහා වසර ගණනක් ගතවනු ඇති බවයි චීන වාර්තා සදහන් කරන්නේ.

අයහපත් කාලගුණය හේතුවෙන් උතුරු දිග චීනයේ මිලියන 1.54ක පිරිසක් සිය නිවාස වලින් ඉවත් කර තිබෙනවා.

 

 

hasiniek
By hasiniek අගෝස්තු 7, 2023 13:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්