fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුණදාස කපුගේ 78 වන ජන්ම දින සැමරුම අදයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2023 12:34

ගුණදාස කපුගේ 78 වන ජන්ම දින සැමරුම අදයි

සිය මධුර හඩින් රසික හදවත් ප්‍රකම්පනයට පත්කළ ගුණදාස කපුගේ නම් සුවිශේෂි ගායන ශිල්පියාගේ ජන්ම දින සමරුව අදට යේදී තිබෙනවා. ඔහු දැයෙන් සමුගෙන වසර ගණනාවක් ගත වුවද ගීත සාහිත්‍යයට ඉතිරි කර ගිය නිර්මාණ අදටත් රසික හදවත් තුළ නොමැකී පවතිනවා.

1945 අගෝස්තු 7 වනදා උපත ලැබු ගුණදාස කපුගේ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවා. භාත්කණ්ඩේ සංගීත ආයතනයෙන් සහ ලක්නව් විශ්වවිද්‍යාලයෙන් ඔහු වැඩිදුර සංගීත අධ්‍යාපනය හදාරා තිබෙනවා. ස්වර්ණ සංඛ,  විශ්ව ප්‍රසාදීනි,  සරසවි සම්මාන,  ඕ සි අයි සී,  ජනාධිපති ඇතුළු සම්මාන රැසකින් ඔහු පිදුම් ලබා තිබෙනවා. ගුණදාස කපුගේ සංගීතවේදියාටම අනන්‍ය වු ඔහුගේ හඩ බොහෝ සිත්සතන් තුළ සදාකාලිකවම නිදන්ගත වී තිබෙනවා. හදිසි අනතුරක් හේතුවෙන් 2003 වසරේ ඔහු අප අතරින් වෙන් වන විට 57 වන වියේ පසුවුණා.

මිත්‍ර කපුගේ,  රිද්ම කපුගේ සහ සජානි කපුගේ ඔහුගේ දරුවන්. විශාරද ගුණදාස කපුගේ නම් ප්‍රවීණ ගායන ශිල්පියාගේ 78 වන ජන්ම දිනය වෙනුවෙන් ඇල්පිටිය මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්විම සිදු කෙරුණා. ඊට සමගාමිව මිරිස්වත්ත ගුණදාස කපුගේ පදනම සංවිධාන කළ ලේ දන්දිමේ පිංකම 17වන වරටත් මෙවර පැවැත්වුණා.

ගුණදාස කපුගේ කලාකරුවා දැයෙන් සමුගෙන මේ වන විට වසර 20ක් ගතවන අතර කපුගේ පදනම මගින් මේ වන විට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2023 12:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්