පාකිස්ථානයේ දුම්රියක් පීලි පැනීමෙන් සිදු වූ අනතුරකින් 15 දෙනෙකු මිය ගොස් 90කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.
රාවල්පිණ්ඩි සිට පැමිණි හසාරා අධිවේගී දුම්රිය මෙසේ පීලි පැන ඇත්තේ නවාබ්ෂාහ් දුම්රිය ස්ථානය ආසන්නයේදී ය.
එමෙන්ම ගලවා ගැනීමේ කණ්ඩායම් එම ස්ථානයට ගොස් ඇති අතර මගීන් බේරා ගැනීමේ මෙහෙයුම් සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.