වව්නියා බන්ධනාගාරය තුළ පනවා තිබූ සංචරණ සීමා ඉවතට
Related Articles
වසංගත රෝගී තත්වය හේතුවෙන් වව්නියා බන්ධනාගාරය තුළ පනවා තිබූ සංචරන සීමා ඉවත් කර තිබෙනවා.
වව්නියා රිමානඩ් බන්ධනාගාරය තුළ සිටි එක් රැදවියෙකුට හා බන්ධනාගාර නිලධාරියෙකුට සරම්ප රෝගය වැලදීම හේතුවෙන් එම රෝගය ව්‍යාප්ත වීම අවම කිරීම සදහා ක්ෂණික පූර්වාරක්ෂක පියවරක් ලෙස පසුගිය (25) වන දින සිට සති දෙකක කාලයක් පනවා තිබූ සංචරන සීමා හෙට (07) දිනෙන් අවසන් වීමට නියමිතව ඇත.
ඒ අනුව අනිද්දා (08) වන දින සිට සාමාන්‍ය පරිදි බන්ධනාගාරගත රැදවියන්ට හා බන්ධනාගාර නිලධාරීන් හට දෛනික කටයුතු සිදුකරන ලෙස ප්‍රාදේශීය වසංගත රෝග ඒකකයේ වෛද්‍ය තුමිය විසින් වව්නියා බන්ධනාගාර නිලධාරීන් දැනුවත් කර ඇත.