fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගමන් කළ බස් එක නවත්වා බන්ධනාගර නිළධාරියෙකුට ගහලා – මුහුණු බැඳගත් ආයුධ සන්නද්ධ පිරිසක්

hasiniek
By hasiniek අගෝස්තු 6, 2023 14:59

ගමන් කළ බස් එක නවත්වා බන්ධනාගර නිළධාරියෙකුට ගහලා – මුහුණු බැඳගත් ආයුධ සන්නද්ධ පිරිසක්

ගාල්ල බන්ධනාගාරයේ සේවය කරන නිලධාරියෙකු රාජකාරි නිමවී ඔහුගේ මාතර නිවස කරා මගී ප්‍රවාහන බස්රථයකින් ගමන් කරන අතරතුර එම බස් රථය නවතා එයට ගොඩ වූ සංවිධානාත්මක අපරාධ කල්ලි වලට සම්බන්ධ යැයි සැක කළ හැකි දස (10) දෙනෙකුට ආසන්න පිරිසක් T-56 ගිණි අවියක් හා තවත් ආයුධ සන්නද්ධව මුහුණු ආවරණය කර ගනිමින් එම නිලධාරියාට බරපතළ ලෙස පහර දී තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ පස්වරු 05.45 ට පමණ වැලිගම බස් නැවතුම්පොළේ දී මෙම සිදුවීම සිදුව ඇති බවයි

මාතර බන්ධනාගාරයේ වසර හයකට අධික කාලයක් සේවය කර වර්ෂ අවසාන ස්ථාන මාරු මත 2023/08/03 වන දින ගාල්ල බන්ධනාගාරය වෙත මාතර බන්ධනාගාරයේ සිට මුදවාහැරි වයස අවුරුදු හතලිස් තුනක් (43) වන නිලධාරියකු මෙම පහර දීමට ලක්ව තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් නිලධාරියාගේ අත් පා වලට හා හිසට බරපතල තුවාල සිදුවී ඇති හෙයින් එම බස් රථයෙන්ම අදාල නිලධාරියා රෝහල් ගතකිරීම සදහා මාතර ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බව සඳහන්.

hasiniek
By hasiniek අගෝස්තු 6, 2023 14:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්