ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ජාත්‍යන්තර සම්මානයක්
Related Articles
ඉන්දීය ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශිෂ්ඨතම ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවය ලෙස” ඉන්දියා කාගෝ එවෝඩ්ස් – 2023″ (India Cargo Awards – 2023 ) හීදී ශ්‍රී ලන්කන් කාගෝ සේවය සම්මානයට පාත්‍ර වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවා ආයතනික සන්නිවේදන අංශය ප්‍රකාශ කරනවා
ඉන්දියාවේ නවදිල්ලි , මුම්බායි , බැංගලෝර් , හයිද්‍රාබාද් , කොචින් , ත්‍රිවේන්ද්‍රම් , චෙන්නායි , ට්‍රිචි , සහ මදුරෙයි යන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වල සිට ශ්‍රී ලංකාවේ කටුනායක ඇතුළු තවත් විදේශීය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ශ්‍රී ලන්කන් කාගෝ සතියකට ගුවන් ගමන් වාර 70 ක් පමණ ක්‍රියාත්මක කරනු ලබනවා
එම නිසා ඉන්දීය භාණ්ඩ සැපයුම්කරුවන්ගේ ප්‍රමුඛතම තේරීම බවට ශ්‍රී ලන්කන් කාගෝ පත් වී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ
එමෙන්ම යුරෝපය , මැදපෙරදිග , දකුණු ආසියාව , අග්නිදිග ආසියාව , ඈත පෙරදිග සහ ඕස්ට්‍රේලියාව වැනි ගමනාන්ත සහ ඒවායින් ඔබ්බට ද ශ්‍රී ලන්කන් කාගෝ තම සේවා පවත්වා ගෙන යනවා
පසුගිය මූල්‍ය වර්ෂය තුළ දී ශ්‍රී ලන්කන් කාගෝ මෙට්‍රික් ටොන් 10,000 ක් බර ගුවන් භාණ්ඩ තම ගුවන් යානා මගින් ප්‍රවාහනය කර ඇති බවද සඳහන්.