fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියාවේ රැකියා දෙන බව පවසමින් මුදල් වංචා කළ ජාවාරමකට එරෙහිව සූරියවැවදී විරෝධතා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2023 12:19

රුසියාවේ රැකියා දෙන බව පවසමින් මුදල් වංචා කළ ජාවාරමකට එරෙහිව සූරියවැවදී විරෝධතා

රුසියාවේ රැකියා ලබා දෙන බව පවසමින් 90 දෙනෙකුට වැඩි පිරිසකගේ මුදල් වංචා කිරීමේ වංචාවකට සම්බන්ධ හවුල්කරුවෙකුට සූරියවැවදී දැඩි විරෝධයක් එල්ල වුණා.

මෙම  වංචාවට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයා රුපියල් කෝටි 16 කට වැඩි මුදලක් වංචා කර රටින් පැනගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

රුසියාවේ රැකියා ලබාදෙන බව පවසමින් කිහිප දෙනෙකු එක්ව මෙම ජාවාරම සිදු කර තිබෙනවා.

එම පුද්ගලයින්ගේ මග පෙන්වීම යටතේ රැකියා සඳහා රුසියාවට ගොස් සිටි 40 කට වැඩි පිරිසක් රැකියා නොමැතිව අතරමංව සිටින බවටයි වාර්තා වන්නේ.

එලෙස අතරමංව සිටින  පිරිසගේ දෙමව්පියන් සහ රැකියා ලබා දෙන බව පවසා මුදල් ලබාගත් පිරිසක් සූරියවැවදී එම ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකුට දැඩි විරෝධයක් එල්ල කළා.

පොලීසියේ මැදිහත්වීමෙන් තත්ත්වය පාලනය කෙරුණ අතර ලැබුණු පැමිණිලිවලට අනුව විමර්ශන ආරම්භ කරන බවයි සූරියවැව පොලිස් ස්ථානාධිපතිවරයා  ප්‍රකාශ කළේ.

සූරියවැව ප්‍රදේශයේ 90 කට වැඩි පිරිසකගෙන් ලක්ෂ 20 බැගින් මුදල් ලබා ගෙන ඇති බව සඳහන්.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2023 12:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්