fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුඩා වැව් ප්‍රතිසංස්කරණයට රජයෙන් මිලියන 3000ක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2023 13:21

කුඩා වැව් ප්‍රතිසංස්කරණයට රජයෙන් මිලියන 3000ක්

කුඩා වැව් ප්‍රතිසංස්කරණය සඳහා රජය ගොවිජන  සංවර්ධන දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 3000ක මුදලක් වෙන් කර තිබෙන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

දිවයින පුරා ඇති වැව් 200ක් මෙම වසරේ දී මෙම වැඩ පිළිවෙළ යටතේ ප්‍රතිසංස්කරණය කිරීමටත් නියමිතයි.

නාවුල පිළීහුඩුගොල්ල පුරාණ වැව රුපියල් 48,26,844ක මුදලින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්කරණය කර  ජනතා අයිතියට පැවරීමෙන් පසුයි අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේ.

මෙහිදී ගොවි ජනතාව ඇමතූ අමාත්‍යවරයා ලබන මහ කන්නයේ දී වී වගා කරන ලක්ෂ 12ක් පමණ වන සියලුම ගොවීන්ට කිසියම් හෝ රසායනික පොහොරක් නොමිලයේ ලබා දීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2023 13:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්