ආහාර ද්‍රව්‍යවල මිල 128 % කින් ඉහළ නගී
Related Articles
ආහාර ද්‍රව්‍යවල මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමට සියයට 128 කින් ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ උද්ධමනය සම්බන්ධයෙන් නිකුත් කළ අලුත්ම වාර්තාවකට අනුවයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ප්‍රකාශ කර ඇත්තේ, ආහාර නොවන කාණ්ඩයේ භාණ්ඩවල මිල මට්ටම සියයට 87 කින් ඉහළ ගොස් ඇති බවයි.
පරිභෝජන භාණ්ඩ හා සේවාවල මිල මට්ටමේ සාමාන්‍ය වැඩිවීම සියයට එකසිය තුනක් බවද අනාවරණය වී තිබෙනවා.
කොළඹ නාගරික සීමාවේ ආහාර ද්‍රව්‍යවල මිල සියයට 136කින් වැඩිවී ඇතැයි සංඛ්‍යා ලේඛනවල දැක්වෙන බවත් ජනතාවගේ ආදායම්වල මූර්ත වටිනාකම පහළ යෑම සහ රජයේ සහ පෞද්ගලික අංශවල සේවකයන්ගේ වැටුප් 2019 න් පසු වැඩි නොවීම යනාදී කරුණු හේතුවෙන් ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය( ක්‍රය ශක්තිය) විශාල වශයෙන් පහත බැස ඇති බවත් වසන්ත අතුකෝරළ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.