fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියා විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිට වසර 19ක සිර දඬුවමක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2023 13:59

රුසියා විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිට වසර 19ක සිර දඬුවමක්

රුසියා විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිට වසර 19ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඒ රුසියානු අධිකරණය විසින්.

මේ වනවිට නවාල්නි බන්ධනාගාරගතව සිටින අතර පැමිණිලි පාර්ශ්වය විසින් වසර 20ක සිර දඬුවමක් ඉල්ලා සිටියා.

ඔහුට සාපරාධී චෝදනා 5ක් මේ වන විට ඉදිරිපත්ව ඇති අතර ඒවාට ලබා දී ඇති දඬුවම් තුනෙන් දීර්ඝතම දඬුවම ද මෙයයි.

අධිකරණයට අපහාස කිරීම මෙන්ම ගෙවීම් පැහැර හැරීමේ චෝදනා කිහිපයක්ද ඔහුට එල්ලවී තිබෙනවා.

කෙසේ වෙතත් විපක්ෂ නායකවරයාට ලබා දී ඇති දඬුවම් පිළිබඳ  අදහස් පළකරමින් ඇතැම් අය පෙන්වා දෙන්නේ මෙය පුටින් පාලනයේ ඒකාධිපතීත්වය පෙන්නුම් කරන්නක් බවයි.

රජය විවේචනය කරන්නන්ට දැඩි දඬුවම් හිමි වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2023 13:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්