fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නියඟය තවත් උග්‍ර වෙයි – වන සතුන්ටත් පීඩා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2023 12:03

නියඟය තවත් උග්‍ර වෙයි  – වන සතුන්ටත් පීඩා

බොහෝ ප්‍රදේශවල පවතින වියලි කාලගුණයත් සමඟ ගොවි බිම් රැසක් විනාශ වෙමින් පවතිනවා.

උඩවලව ජලාශය යටතේ වගා කටයුතු සිදු කරන ගොවීන්ට උපරිම සහනයක් සැලසීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයට වසර 75 ක් සපිරීම නිමිත්තෙන් පැවති උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නැති බවද මෙහිදී හෙළි වුණා.

පවතින දැඩි නියඟය හේතුවෙන් පොලොන්නරුව පූජා භූමියේ සිටින වන සතුන් ද උග්‍ර ජල ගැටලුවකට මුහුණදී සිටිනවා.

ඒ අනුව එම සතුන්ට අවශ්‍යජලය අඛණ්ඩව සැපයීමටයි පියවර ගෙන තිබෙන්නේ.

හෙක්ටාර 1521 ක් පුරා විහිදී ඇති පොලොන්නරුව පූජා භූමිය හා අවට ප්‍රදේශයේ  මාස දෙකක පමණ කාලයක සිට වියලි කාලගුණ තත්ත්වයක් පවතිනවා.

මේ හේතුවෙන් පූජා භූමියේ සිටින සතුන් දැඩි පීඩාවකට ලක්ව සිටිනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2023 12:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්