fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුඩු සළිඳුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අධිකරණය රහස් පොලීසියට අවසර දෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2023 16:53

කුඩු සළිඳුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අධිකරණය රහස් පොලීසියට අවසර දෙයි

විමර්ශන නිලධාරියෙකු විසින් සළිදු ගුණරත්න හෙවත් කුඩු සළිදු යන අයගෙන් රුපියල් කෝටි 13 ක් ඉල්ලා සිටි බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කුඩු සළිදුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අධිකරණය රහස් පොලීසියට අවසර ලබා දුන්නා.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන කඩු සළිදු යන අය කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත රහසිගත ප්‍රකාශයක් කරමින් පසුගියදා සදහන් කළේ තමාට එරෙහි විමර්ශන අඩපන කිරීමට පොලිස් නිලධාරියෙකුරුපියල් කෝටි 13 ක් ඉල්ලූ බවයි.

මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් විශේෂ විමර්ශන අංශය අධිකරණයට දන්වා සිටියා.

එහිදී මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේ සැකකරුට අවශ්‍ය කාර්යාල පහසුකම් මෙන්ම ආරක්ෂාව සපයන ලෙසයි. තමන් රදවා සිටින අංශයේ පොලිස් නිලධාරියෙකු තමාගෙන් මුදල් ඉල්ලූ බව කුඩු සළිදු ප්‍රකාශ කර තිබුණා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2023 16:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්