රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ පොඩි මද්දා නැමැත්තෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැලිපැන්නේ ජොසා නැමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයකු වන පොඩි මද්දා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන සැකකරුවකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සතුව හෙරොයින් ග්රැම් 500 ක් යතුරුපැදියක් හා ජංගම දුරකතන දෙකක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යතුරු පැදියකින් ගමන් කරමින් සිටින අවස්ථාවේදීයී ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරු මතුගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.